source: https://www.sbs.com.au/language/sinhala

Bringing the සිංහල story telling to life in Cyber Space and ALL Cyber Satahana radio episodes
Episodes
33 minutes ago
33 minutes ago
16 min
Podcast published by SBS SInhala
කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

Jul 21, 2026
Jul 21, 2026
12 min

Jul 29, 2025
Jul 29, 2025
10 min
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
source: https://www.sbs.com.au/language/sinhala

Jul 24, 2025
Jul 24, 2025
11 min
සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න
Source: SBS Sinhala

Dec 13, 2024
Dec 13, 2024
21 min
SBS link:
එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.

Oct 1, 2024
Oct 1, 2024
14 min
ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද?
දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා.
මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial)
නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ).
ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්.
අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා.
මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය.
Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq

Aug 20, 2024
Aug 20, 2024
14 min
ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-money-from-the-same-people-who-have-been-scammed-before/wmauylfoq

Jun 15, 2023
Jun 15, 2023
14 min
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts

Apr 11, 2023
Apr 11, 2023
22 min
SBS Link:
https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r

Oct 11, 2022
Oct 11, 2022
6 min
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022.
Duration: 7 minutes
Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/

Oct 10, 2022
Oct 10, 2022
10 min
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help.
Broadcast on SBS Radio on 8th September 2022
Medium: Sinhala
Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE

May 2, 2022
May 2, 2022
5 min
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.
ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්.
ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්.
මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ?
කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්‍ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්‍ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා.
සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලුම දේ එකම තැනකට ගොනු වුනාම ඒකට කියනවා Hashtag feed එකක් කියලා.
මේ නිසා හෑශ්ටැග් කියන සංකල්පෙ, එහි වැඩි පිරිසකට ලඟා වීමට තියෙන ශක්‍යතාවය නිසා digital marketing වල ඉතා ජනප්‍රිය අංගයක්. මෙය වැඩිපුරම භාවිතා වෙන්නෙ ට්විටර් සමාජ ජාලෙ. ඇත්තෙන්ම හෑශ්ටැග් කියන තාක්ශණයෙ උපත සිදුවෙන්නෙත් ට්විටර් වල. පසුව එය අනෙක් සමාජ ජාලා වලට පැතිරුනා.පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා, හරියට හෑශ්ටැග් භාවිතා කලොත්, ඉන්ස්ටග්රම් සමාජමාද්යයේ පෝස්ටුවක්, හෑශ්ටැග් නැති පෝස්ටුවකට වඩා 12% අමතර ක්‍රියාකාරිත්වයක් ලබනවා කියලා.. ඒ අතර ඉතා විශාල පිරිසක් ඒ හෑශ්ටැග් එකම භාවිතා කලොත්, එය බොහෝ දෙනෙක් දකින trending hashtag එකක් බවට පත් වෙනවා.
ඒ නිසා පුලුවන් හැමෝම, හැම තැනකම තමන්ගෙ හෑශ්ටැග් එක අලවා ගෙන ගියා නම් එය විශාල පිරිසක් අතරට යවන්න පුලුවන් කියලා මේ ගැන සක්‍රිය බොහෝ දෙනා සිතා සිටින බවක් පේනවා. නමුත් සත්යය් එය නොවේ. හෑශ්ටැග් කියන දේ හරි අවබෝධයෙන් තමා පාවිච්චි කරන්න ඕනෙ.
එකම හෑශ්ටැග් එක හැම තැනම කමෙන්ට් විදියට copy paste කරන අය ඔබ දැක ඇති. සමහර අය එකම හෑශ්ටැග් එක විස්ස, තිහ එකම පෝස්ට් එකේ ඇතුලත් කරලා අනෙක් අයටත් එය අලුත් පෝස්ට් විදියට copy/paste කොට එය ප්‍රචාරය කරන්න ඉල්ලා සිටිනවා.
සමාජ මාධ්‍ය වල මේ වගේ ක්‍රියාකාරකම් හඳුනා ගන්නේ spamming විදියට. එවිට ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විසින් මේ වගේ පෝස්ටුවල reach එක අඩු කරනවා. තව දුරටත් මේ වැඩේ වෙනව නම් ඒ ගිනුම් බ්ලොක් කිරීමකට පවා ලක් වෙන්න පුලුවන්.
Instagram සමාජ ජාලයේ මෙලෙසින් හෑශ්ටැග් අවභාවිතා කරන අයව shadowban නම් සීමා කිරීමකට ලක් කරනවා. එතනදි වෙන්නෙ ඒ දඬුවමට ලක් වුනු අයගේ පෝස්ට් පේන්නෙ එයාලගෙ followersලට විතරයි. ඉතින් කොච්චර හෑශ්ටැග් එකතු කරත් ඒකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අනෙක් සමාජ ජාලවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය එනම් ඇල්ගොරිතම් සියල්ල වැඩ කරන්නෙ මීට සමාන ආකාරයකින්.
තව වැදගත් කාරනයක් තමා කමෙන්ට්වල හෑශ්ටැග් එකතු කරන්න පුලුවන් වුනාට එය මම අර මුලින් කිව්ව feed එකට ඒවා එකතු වෙන්නෙ නැහැ. ඉතින් එය පලක් නොවෙන වැඩක්. ඒ නිසා හැම කමෙන්ට් එකේම ඉවක් බවක් නැතිව හෑශ්ටැග් එකතු කරන ඔබේ මිතුරාට එහි නිශ්පල බවත්, එය නිතර කිරීමෙන් තමන්ගෙ ගිනුමට හානි විය හැකි බවත් පැහැදිලි කර දෙන්න.
එසේ නම් කොහොමද නිවැරදිව හෑශ්ටැග් භාවිතා කරන්නෙ?
පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා වඩාත්ම ප්රතිපලදායක උපරිමව හෑශ්ටැග් දෙකක් හෝ තුනක් එකතු කිරීම. ඊට වඩා යාමෙන් reach එක අඩුවෙනවා.
එලෙස එකතු කරන හෑශ්ටැග් තියෙන පෝස්ටුව public විදියට privacy setting එක තබන්න ඕනෙ. එය මිතුරන්ට පමනක් පේන විදියට නම් දාන්නෙ, ඔබ එකතු කරන hashtag සහිත පෝස්ටුව hashtag feed එකට යන්නෙ නෑ.
අනික් වැදගත් කාරනේ, උමතුවෙන් වගේ හැමෝම එකතු කරන නිසා හෑශ්ටැග් එක විතරක් එකතු කරලා වැඩක් නැහැ. නිර්මාණශීලි දෙයක්, එයට අදාල රූපයක්, වීඩියෝවක් එක්ක එය එකතු කරන්න. එහෙම නොවුනොත් මා අර මුලින් සඳහන් කල ෆීඩ් එකේ වටින පෝස්ට් පහලට ගොස් අර්ථ විරහිත, හරසුන් පෝස්ට් උඩට එනවා.
මේ ඉතා කෙටියෙන් වැදගත් කාරනා කිහිපයක් පමනයි සඳහන් කලේ. මේ ගැන අන්තර්ජාලයෙන් තව කරුනු අද්යයනය කරන්නත් මම යෝජනා කරනවා.
ඒ නිසා ඔබට පැහැදිලි ඇති මේ ගැන දැනුවත්ව මේ තාක්ශනයන් භාවිතා නොකලහොත්, අපිට වෙන්නෙ #ෆේල් වෙන්න.

Jan 2, 2022
Jan 2, 2022
4 min
Published on 3ZZZ Radio on 26th Dec 2021
Duration: 5 mins
මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා.
ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්.
මෙහි කමෙන්ට් කරපු අය කෙතරම් උනන්දුවෙන් මේ ප්‍රශ්නෙට පිලිතුරු දුන්නාද කියනවා නම්, පිලිතුරට අමතරව තමන්ගේ මුල් වාහනේ පින්තූරත්, ඒ කාලෙ තමන් ගැන විස්තරත් ලියලා තිබ්බා.
සමාජජාලා භාවිතා කරන්නන් හොඳටම දන්නවා තමන්ට නොමිලේ මේ සේවාව ලැබුනා වගේ පෙනුනට, තිරය පිටුපස අපේ පුද්ගලික දත්ත ල්බා දීම් නිසා අපට මිල කල නොහැකි මිලක් ගෙවන්න වෙන වග.
මම හිතන්නෙ දැන් අඔබට පැහැදිලි ඇති, මතුපිටින් අහින්සක වගේ පෙනෙන එවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සපයධ්ඩි ඒ එක්කම එන අවදානම.. සමහර සමාජ ජාලා ඇප් වලින් කරන්නෙත් මේ වැඩේ. අපි මීට කලින් කතා කරලා තියෙන, ෆේස්බුක් සමාගම අතිශය අපකීර්තියට පත්වුන, ෆේස්බුක් පරිශීලකයින් මිලියන් 87ක දත්ත, දේශපාලනික උවමනාවක් වෙනුවෙන් අවභාවිතාවට ලක්වුනු කුප්‍රකට Cambridge Analytica සිද්දියටත් පාදක වුනේ This is your digital life කියන facebook app එක.
එසේ නම් අපි කොහොමද මේ වගේ අවදානමකින් ගැලවෙන්නෙ සමාජ ජාල භාවිතා කරන ගමන්.
If you don't pay for the product, you are the product

Oct 3, 2021
Oct 3, 2021
5 min
මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා.
ඇයි මම එහෙම කියන්නෙ?
දෙරණ වගේ විශාල මාධ්‍ය ආයතනයකට මෙය වෙන්න පුලුවන්ද? ඔවුන්ගේ passwords සහ multi factor authentication ක්‍රියාත්මක නොවුනේ ඇයි? මේ ප්‍රශ්නවලට පිලිතුර මේ හරහා ලැබුනා, ඒ කොහොමද?
දෙරණ ඩිජිටල් කන්ඩායමට, කොවිඩ් තත්ත්ව යටතේ, අපි බොහෝ දෙනෙකුට මෙන් නිවසේ සිට දුරස්ථව දෙරණ මූලස්ථානය හරහා සම්බන්ධ වෙන්නට සිදු වුනා. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ Team Viewer නම් ඉතා ජනප්‍රිය, දුරස්ථ පාලක tool එකක්. මෙහි ඇති අවධානම තමයි Team Viewer සම්බන්ධතාවය hijack කලහොත්, හැකර්ට පුලුවන් වෙනවා ඒ පරිගනකයේ ඒ වෙන කොටත් ස්ථාපිත සියලුම ගිනුම්වලට ඇතුල්වෙන්න. දෙරණට වැරදුනෙ මෙතන. මේ පරිගණකයේ අදාල passwords පවා browser එක තුල save කර තිබීම නිසා, එයට සම්බන්ධ වූ සැනින් හැකර්ට හැකියාව ලැබුනා ඔවුන්ගේ ගිනුමේ පාලනය ලබා ගන්න. ස්ථාපිත සම්බන්ධතාවයක් නිසා, multi factor authentication ක්‍රියාත්මක වුනේ නැහැ.
https://roar.media/english/life/current-affairs/cryptocurrency-scams-cybersecurity
https://www.bbc.com/news/technology-53425822

Sep 2, 2021
Sep 2, 2021
13 min
Broadcast on SBS Sinhala Radio on 2nd Sep
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia

Sep 2, 2021
Sep 2, 2021
5 min
Broadcast on 3ZZZ Radio on 29th August
කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්.
මේ scam පනිවිඩ හඳුනා ගන්නේ කෙසේද?
නමුත් අපි හිතමු ඔබ වැරදීමකින් click කලා කියලා, දැන් මොකද වෙන්නෙ?
එවිට එය විසින් ඔබව හානිකර වෙබ් අඩවියකට ගෙනියනවා. එහිදී ඔබට voicemail app එකක් භාගත කිරීමට උපදෙස් ලැබෙනවා.
මේ malware ඇප් එකේ නම 'voicemail' - එවැන්නක් ඔබේ Android දුරකථනයේ ස්ථාපිත වී ඇත්දැයි ඔබට පහසුවෙන්ම පරික්ශා කල හැකිය.
කොහොමද එසේ නම් මේ මැල්වෙයා එක ඉවත් කර ගන්නෙ දැන්?
මෙය ඉතා භයානක මැල්වෙයා එකක්. ඇප් එකක් ලෙස ඇතුල්වුනත්, වෙනත් ඇප් මෙන් එය පහසුවෙන් හා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැක.
ඇප් එක ඉවත් කිරීම තරමක් දුරට තාක්ශණික ක්‍රමවේදයක් නිසා, ඔබට ඒ සඳහා IT ව්ෘත්තියෙක්ගේ උදව් ලබා ගත හැකියි. එසේ නැතහොත්, නිල Anti-virus app එකක් install කර එය හරහා malware ඇප් එක ඉවත් කල හැකිය. එසේ නැථොත් වඩා ආරක්ශිතම ක්‍රියා මාර්ගය නම් උපාංගය factory reset හරහා සම්පූර්ණයෙන්ම වයිර්සයෙන් මුදා ගැනීමයි. මෙහිදී එහි ගබ්ඩා වී තුබූ ඔබේ ඡායාරූප, පනිවිඩ සහ apps සියල්ල ඔබට අහිමි වී යනු ඇත.

Sep 2, 2021
Sep 2, 2021
6 min
Broadcast on 3ZZZ Radio on 23rd May
ඔබ බොහෝ දෙනෙක්ගෙ නිවසේ ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති.
කෙටිම උත්තරය මෙය ඕනෑම කැමරා පද්ධතියකට වෙන්න පුලුවන්. මීට කලින් මේ වගේ ජනප්‍රිය Ring, Swann කැමරා පද්ධති පවා මෙවැනි ගැටලුවට ලක් වුනා. යමක් අන්තර්ජාලයට සම්බන්ධ කල සැනින්, එය පිටස්තරයෙකු අතට පත් වීමට ඉඩ ඇති බව, මේ වගේ ස්මාට් තාක්ශනයන් භාවිතා කිරීමේදි, අපි අවධනමක් විදියට භාර ගන්න ඕනෙ.
එනිසා මූලිකවම හොඳ බ්‍රැන්ඩ් එකක් පමනක් භාවිතා කරන්න.
මේ ප්‍රශ්නෙට අදාල වූ පද්ධතියෙ අන්තර්ජාල රෙකෝඩින් එන්ක්‍රිප්ට් වෙලා තිබුනෙ නැහැ, ඒකයි අනික් අයට බලාගන්න පුලුවන් වුනේ. දැනට වෙලඳපොලේ තියෙන බොහෝ cloud recording එලෙසින් encrypt වෙන්නෙ නැහැ, නමුත් ඔබ නිතර ඇප් එක සහ උපංග update වෙන්න සකස් කරන්න පුලුවන් නම්, මේ වගේ දෝශ ස්වයන්ක්‍රීයව ඉවත් කර ගන්න පුලුවn. එනිසා මතක තබා ගන්න, ඔබේ සියලුම ඇප් auto-update වෙන්න සකස් කර ගන්න. ගොඩක් ප්‍රශ්න ඒකෙන් ඉවත් වෙනවා.
sources:
https://bestlifeonline.com/eufycam-security-news/
https://www.techhive.com/article/3619073/eufycam-users-report-seeing-video-from-strangers-in-apparent-privacy-breach.html
https://www.usatoday.com/story/tech/2019/12/13/how-secure-your-home-surveillance-cameras-getting-hacked/4407914002/

Sep 2, 2021
Sep 2, 2021
6 min
Broadcast on 3ZZZ Radio on 11th April
පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සොරකම් කියලා අපිට හුරු පාස්වර්ඩ්, උපන්දිනය ආදිය වුනත් මේ ගිනුම් මිලියන් 500, මූලිකවම අඩංගු වුනේ දුරකථන අංක. මින් මිලියන 2.5 ක ප්‍රමානයක ඊමේල් ලිපිනත්, තවත් බොහෝ ගිනුම් ප්‍රමානෙක ගැහැනු පිරිමි බව, උපන්දිනය, රැකියා ස්ථානය, විවාහක, අවිවාහක බව ආදිය පවා තිබුනා.
මේ කාරනේදි නම් අපි කෙතරම් පරෙස්සම් වුනත්, අපේ දුරකථන අංකය මෙලෙසින් නිරාවරනය වුනේ ෆේස්බුක් ආයතනයේ අඩුපාඩුවක් නිසා. ඔවුන් එය දැන් නිවැරදි කරලා තියෙනවා. අපේ පැත්තෙන් අපිත් දැනගන්න ඕනෙ අනවශ්‍ය පුද්ගලික විස්තර මේ කිසිම සමාජ ජාලාවකට ඇතුල් නොකරන්න. අපේ උපන්දිනය, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, ලිපිනය මේ සියල්ල ඇත්තටම සමාජ ජාලා වලට එකතු කිරීම අනිවාර්ය නැහැ. අඩුම ගානෙ ඒ විස්තර සඳහන් කරනවා නම්, ඔබේ මිතුරන්ට පමණක් පෙනෙන පරිදි privacy setting එක හදන්න.

Sep 2, 2021
Sep 2, 2021
6 min
Broadcast on 3ZZZ Radio on 21st Feb.
පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම.
එදා ඒ දරුවන සමඟ මම බෙදා හදා ගත් තොරතුරු මොනවාද?

Aug 4, 2021
Aug 4, 2021
15 min
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
*******
මගේ සටහන: මේ සාකච්ඡාවෙ කොටසක් පමණයි කාල වේලාවෙ ගැටලු නිසා ඔවුන් විකාශය කලේ. දෙමාපියන් විදියට අප සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක වෙන විදියෙ ආකල්පමය වෙනසක් ගැනත් මෙතනදි කතා වුනා. නමුත් අවාසනාවකට ඒ කොටස ටිකක් දිගට ගියනිසා ඇතුලත් වී නැහැ..

Feb 10, 2021
Feb 10, 2021
21 min
Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day.
Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity.
This podcast is usually delivered in Sinhala Language but this is an exception :)
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Feb 10, 2021
Feb 10, 2021
8 min
Broadcast on 3ZZZ Community Radio on 17th January 2021
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Feb 10, 2021
Feb 10, 2021
5 min
Broadcast on 3ZZZ Community Radio on 13th December 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Feb 10, 2021
Feb 10, 2021
5 min
Broadcast on 3ZZZ Community Radio on 15th November 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Feb 10, 2021
Feb 10, 2021
5 min
Broadcast on 3ZZZ Community Radio on 18th October 2020
Read on my blog: http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Dec 27, 2020
Dec 27, 2020
4 min
Broadcasted on 3ZZZ RAdio on 27the Sep 2020
4 mins read
අගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා. Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්‍රිය ටික්-ටොක් නම් සමාජ ජාලය හරහා.
මෙම වීඩියෝව අදාල ජාලයේ, recommended videos පෙල ගස්වන For You කලාපයට අතුලත් වීමෙන් එය මිලියන ගනනක් දකින්නේ අතිශය කම්පනයක් ඔවුන්ට ඇති කරමින්. ඉන් පසු එම වීඩියෝව සමාජ ජාලයෙන් ඉවත් කෙරුනත්, එහි අදාල සංවේදි දර්ශන කොටස තරුන දරුවන් බලන අතිශය අහිංසක වීඩියෝ තුල සඟවා, මේම වාරනය තුලින් රිංගා යමින් එය ප්‍රචාරය වෙන්නට පටන් ගත්තා.
මෙය කෙතරම් දරුනුවට පැතිරුනාද කියතහොත්, ලොව වටා පාසල් දෙමාපියන්ට ඊමේල් ලිපි පවා යවමින් ඉල්ලා සිටියේ දින කිහිපයකට දරුවන් ටික් ටොක් සමාජ ජාලයෙන් වෙන් කර තබන ලෙසින්.

Dec 27, 2020

Dec 27, 2020
Dec 27, 2020
4 min
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020
(ඔව්... මාර පරන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..)
4 mins read
පසුගිය අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්..
එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රිව්ස් මහතා හදිසියෙම 'State of Disaster' ප්‍රකාශයට පත් කරේ. ඒ සමඟම Stage 4 Lock Down මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ප්‍රදේශවලටත්, Stage 3 Lock Down ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවලටත් ප්‍රකාශයට පත් කරා. මින් වැඩියෙන්ම කම්පන තරංග ඇති කරේ රාත්‍රී 8 සිට එදින සිටම ක්‍රියාත්මක වෙන ලෙස නියෝග කල ඇඳිරි නීතියයි. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වරට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක මෙවැනි දරුනු මට්ටමින් ගමනාගමන සීමා කිරීම් කල දවසක් වුන නිසා, මෙල්බර්න් වාසීන් කෙතරම් කම්පනයට පත් වුනේ දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.

Sep 24, 2020
Sep 24, 2020
5 min
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා.
ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්යේශන කරන ඇමරිකාවේ බයෝටෙක් ආයතනයක පර්යේශන වාර්තා වෙනුවෙන් රහසේ ඔත්තු බලා ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මීට අමතරව, , එංගලන්තය, ජපානය, බෙල්ජියම, ජර්මනිය, ස්වීඩනය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, දකුනු කොරියාව ආදී රට්වල ව්‍යාපාර වල ජාල වක්ලට සම්බන්ධ වී වැදගත් තොරතුරු සම්බන්ධව ද නීති විරෝධි ප්‍රවේශ කිරීම් කර ඇති බව ඇති බව ඇමරිකානු නීතිවේදීන් චෝදනා එල්ල කලා.
අවුරුදු 33ක් සහ 34ක් වයසැති මේ පුද්ගලයන් ඔස්ට්‍රේලියානු ආර්ක්ශක කොන්ත්‍රාත්කරුවාගෙන් පමණක් සොරාගෙන ඇති විස්තර ප්‍රමානය ගිගාබයිට් 320ක්. මේ හේතුව නිසා මේ අය චීන රජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම කටයුතු කරන්නට ඇති බව බටහිර ලෝකය සැක පහල කරනවා. දශකයක් පුරාවට සොරකම් කන ලදැයි පවසන ලද දත්ත ප්‍රමානය ටෙරා බයිට් ගනනින් වෙන අතරේ මූල්මය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගනනින් වෙන බව මේ වාර්තාවලින් කියවෙනවා
මේ දිනවල ඔස්ට්‍රේලියාව සහ චීනය අතර දේශපාලනිකව පවතින්නෙ සීතල යුද්ධයක්.
read full story at my blog
http://cyberwiparama.blogspot.com/
Cyber Wiparama podcast is available via all major Podcast apps

Jul 15, 2020
Jul 15, 2020
6 min
Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com
ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා..
Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.

Jul 14, 2020
Jul 14, 2020
5 min
Date: මැයි 25 දා
Place: MineaPolis, Monesota, USA
අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා.
මේ තත්වය ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා.
කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි.
මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා.
Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා. ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා.
මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා.
ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා.
ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා.
Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්. Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්.
මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.

Jun 4, 2020
Jun 4, 2020
4 min
Broadcast on 3ZZZ Radio on 31st May 2020
Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/
නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය.
එනිසා අද අපි කතා කරමු, නිවසේ සිට පරිගණක ආශ්‍රිතව වැඩ කිරීමේදී (Working From Home) අප කොහොමද පරෙස්සම් වෙන්නෙ කියලා.

May 27, 2020
May 27, 2020
20 min
Broadcast on SBS Radio on 26th May 2020
https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion
"ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්අපත් සමග කතා බහට එක් වුයේ ඇඩිලේඩ් හි වෛද්‍ය සරත් සේනාදීර , ක්වීන්ස්ලන්තයේ මහාචාර්ය ජේ වීරවර්ධන , NT හි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ සභාපතිනි ඉනෝකා පින්තූ , මෙල්බන් නුවරින් චම්පික යටගම , සිඩ්නි නුවරින් කැලුම් ඉනාමලුව"
වැඩසටහන් සම්පාදනය: චරිතා අධිකාරි

May 23, 2020
May 23, 2020
5 min
<
"මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '
Full transcript published on my blog
http://cyberwiparama.blogspot.com/

May 22, 2020
May 22, 2020
5 min
Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන.
Full transcript at my blog.
http://cyberwiparama.blogspot.com/
POdcast can be listened via any major podcast app

May 9, 2020
May 9, 2020
6 min
Broadcast on 3zzz Radio on 3rd May
Full transcript available in my blog: cyberwiparama.blogspot.com
අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.
ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද?
නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.
මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව.

Apr 30, 2020
Apr 30, 2020
4 min
Broadcast on 26th April on 3ZZZ Community Radio
කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.
රැකියාව කරන්න, පාසල් අද්යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.
කොරෝනා සම්බන්ධව ම අපි උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදිරියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..
Refer my blog for full transcript
http://cyberwiparama.blogspot.com/

Apr 30, 2020
Apr 30, 2020
7 min
Broadcast on 19th April on 3ZZZ Community Radio
කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා.. මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා කරන මොහොතෙත් වෙහෙසෙන බව අපි සැම ගෞරව පූර්වක ක්ෘත්වේදීත්වයෙන් සිහි කරන්න ඕනෙ.ඒ මානව ගුණාංගයන්ගෙන් පිරිපුන්, මනුශ්‍යත්වයේ සුවඳ වහනය වෙන උදාර මිනිසුන් වගේම මේ ඛේදවාචකය තුලින් ඇති කල අලුත්ම තත්වය යොදාගෙන, සයිබර් අවකාශය හරහා මිනිසුන් අමාරුවේ දමන අයත් සිටින වගත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඔවුන්ගේ ක්රියාකාරිත්වයන් මොනවාද යන්නත්, එයින් ඔබට ගැලවිය හැක්කේ කෙලෙසද යන්නත් කෙටියෙන් හෝ අද දවසේ සයිබර් සටහන තුලින් සාකච්ඡා කලහොත් එය මේ සයිබර් විනයන්ගෙන්ොබට පරෙස්සම් වෙන්නට උදව්වක් වේ යයි මම සිතුවා.
The full transcript available at my blog
http://cyberwiparama.blogspot.com/

Mar 20, 2020
Mar 20, 2020
5 min
Broadcast on 3ZZZ Radio on 15th March 2020
Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html
කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්. ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.
රෝගය තවමත් වසංගත තත්ත්වයකට වර්ධනය වී නොමැති වුවත්, පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා.
Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.
නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක් ගෙන එන අයුරු ගැන..
අද මම කතා කරන්නෙ Working From Home කියන ප්රවනතාවයේ නැගුම ගැන..
Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.
නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්..
අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.
උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා.
මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා.
විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍යයන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.
මා දන්නා එක් පාසලක, බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.
සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ.
එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.
ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්.
නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.
ඒ අවකාශයම අඳුරු බලවේග නිර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු.

Mar 20, 2020
Mar 20, 2020
4 min
Braodcast on 23rd Feb on 3ZZZ Community Radio
Blog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html
"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..
තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.
අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශයේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන
මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා.
මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා.
ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා.
පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්.
අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩියෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය.
මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා, ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම වර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි.
දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ..
පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන.
නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා.
මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි..
ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදරයෙන් ම මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න.
හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.

Jan 28, 2020
Jan 28, 2020
4 min
Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins)
Visit cyberwiparama.blogspot.com for all episodes.
අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි.
අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කියූ ප්‍රසිද්ධ කියමන මෙහිදී මතක් වෙනවා..
"Roads... where we're going, we don't need roads"
චිත්‍රපටයේ ඔවුන් දුටු 2015 ඔක්තෝම්බර් 21 දා ඉක්ම ගිහිල්ලත්, එදා ඔවුන් අනාවැකි කියූ ගුවනින් යන කාර් ඇත්ත වුනේ නැහැ නේද? ඔව්. නමුත් එය 2020 වසරේ සත්‍ය වෙන හැඩයි. අද අපි කතා කරන්නෙ අහසින් යන කාර් ගැන.
ලොව අති නවීනතම තාක්ශයන් හඳුන්වා දෙන, ඇමරිකාවෙ ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු Consumer Electronics Show හිදී අහසින් යන්න පුලුවන් ටැක්සි සේවාවක් ගැන, මීට සති කිහිපයකට කලින් අහන්න ලැබුනා.
මෙහි වැදගත්ම පනිවිඩය තමා මේ ගුවන් ටැක්සි සේවාව 2023 වෙන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසරේදී නගර තුනක නියමු ව්‍යාප්ෘති ගුවන් ගමන් පවත්වන්න සැලසුම් කිරීම. ෙම නගර තමයි ලොස් ඇන්ජලිස්, ඩැලස් සහ මෙල්බර්න්. ඒ කියන්නෙ ඇමරිකාවෙන් පිට, මේ වසරේම, මෙවැනි ගුවන් ටැක්සියක් පියාසර කරනවා දකින්නට ලැබෙන්නෙ මෙල්බර්න් අහසේ පමණයි.
මේ සේවාවා හඳුන්වා දෙන්නෙ ඔබ බොහෝ දෙනෙක් දන්න ටැක්සි සේවාවක් වෙන Uber. ඇත්තටම Uber හඳුන්වන්න වෙන්නෙ Cyber based ride-sharing සේවාවක් විදියට මොකද ටැක්සි සේවාවක තියෙන කේන්ද්‍රගත සැකැස්ම වෙනුවට මෙහිදී වෙන්නේ වෙබ් අඩවියක් ගෝ ඇප් එකක් හරහා, ඒ ආසන්නයේ මෙම සේවාවා ලබා දෙන වෙනත් කෙනෙක්ගෙ වාහනය හරහා තමන්ගේ ගමන ගොස් ඇප් එකෙන්ම ගනුදෙනුව නිමා කිරීම. සමහර විට නොදන්න කිහිප දෙනෙකුට වුනත්, ඇප් එක හරහා අදාල මුදල බෙදා ගෙන එකට ගමන යන්න පුලුවන්. මින් ඔබට පැහැදිලි ඇති, දුරකථන ඇමතුමක්වත් නොදී, ඇප් එකක් හරහා, තමා අවට මේ සේවාව සපයන්න එකඟ වෙන ඕනෑම ඌබර් වාහනයක සේවාව ලබා ගැනීමට හැකි වීම ඇත්තටම සාම්ප්‍රදායික ටැක්සි සේවාවන් අර්බුධයට යැවීමක්.
මේ ride sharing සේවාවේ ලොව දැවැන්තයා තමා Uber. මහා මාරගය ජයගත් ඔවුන්, ගුවන ජය ගන්න Uber Elevate කියලා තවත් ආයතනයක් පිහිටවූවා. Huyundai මෝටර් සමාගම සමග එකතු වී මේ සඳහා යොදා ගැනීමට ඔවුන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ ගුවන් ටැක්සිය තමයි ඔවුන් එදා මුල් වතාවට ජනතාවට පෙන්වුයේ.
|
S-A1 |
කෙලින්ම ඉහලට සහ පහලට යා හැකි ලෙස නිම වෙන මේ විශේෂ කුඩා ගුවන් යානවලට කියන්නේ ' Personal Air Vehicle' කියලා - මේ පලමු නිර්මානයට ඔවුන් දීලා තියෙන නම S-A1. එයට මීටර් 600ක් ඉහල අහසේ පැ.කි.ම් 290 කුපරිම වේගයක් සමඟ කි.මී 100ක් දක්වා පියාසර කරන්න පුලුවන්. එක වරකට හතර දෙනෙකුට මෙහි ගමන් ගන්න පුලුවන්. මුලදී නියමුවන් සහිතව මෙම යාන ගුවන් ගත වුනත් පසු කාලෙක නියමු රහිත යාන ලෙස යානා නිර්මානය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මෙල්බර්න් නගරයේ මෙය මුලින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ නගරය සහ ටුලාමරින් ගුවන් තොටපල අතරයි. දැනට පැයක ගමනක් වෙන මේ දුර ගුවනින් විනාඩි 10ක් දක්වා අඩු වෙනු ඇත.
මෙම ආයතනය පවසන්නේ, ඉදිරියේදී අදාල නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ එක්ව නව launch pads සහ ගමන් මාර්ග ස්ථාපිත කිරීමටත්, ඊට අදාල යටිතල පහසුකම් සහ රෙගුලාසිමය කටයුතු නුදුරු අනාගතයේම සිදු වෙන බවත්ය.
මෙය ඉතා මිල අධික ගුවන් ගමනක් වේ යැයි දැන ඔබ සිතනවා ඇති. Uber Elevate ආයතනයට අනුව, මෙම ගමනේ ගාස්තුව, UberX Luxury කාර් එකක ගමනක් වෙනුවෙන් වැය වන මුදලම පමනයි. කටයුතු එසේ සිදු වේ නම්, මෙම ගුවන් ගමන් සාමාන්‍ය ජනතාවට ඉතා පහසු මිලට, ඉතා අඩු කාලෙකින්, පරිසර හානිය අවම වූ, සන්සුන් ගමනකට මඟ විවර කරන විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.
අපිට කොතනට හරි ඉතා ඉක්මනින් එන්න කියලා ඉල්ලීමක් එද්දි, ප්‍රායෝගිකව එය පහසු nowena කොට, කතා ව්‍යවහාරයේදී කියවෙන ප්‍රකාශයක් තියෙනවා "උඩින් එන්න kiyalada කියන්නෙ" කියලා?
කාරනා කටයුතු සිද්ධ වෙන විදියට, නුදුරු අනාගතයෙදි, මේ කතාව මෙන්න මේ විදියට වෙනස් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ.

Dec 30, 2019
Dec 30, 2019
4 min
ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා. පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධයයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ගැන මාර්ගයේ දර්ශනය වෙන පුවරු මේ කැමරා සඳහා නොමැති අතර ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දර්ශන ලබා ගත හැකි ස්ථාවර සහ ජංගම කැමරා පද්ධතියක් මීට ඇතුලත්.
ඔබත් සමහර විට නිවාඩු කාලයට සිඩ්නි නගරයට වාහනය පදවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. නමුත් කලබල වෙන්න එපා. නිව් සවුත් වේල්ස් රජය මුල් මාස 3ක කාලය පුරාවට, වැරදිකාර පාර්ශව වෙත එවන්නේ 'අවවාදත්මක ලිපියක් පමනයි'. ඒ කියන්නෙ මේක 3 months grace period එකක්. එම කාලයෙන් පසුව, කැමරා හරහා නීතියේ රැහැනට හසු වෙන රියදුරන්ට $344 ක මූල්‍යමය සහ ඩිමෙරිට්ස් පොයින්ට්ස් 5ක දඩයක් නිකුත් කරනවා, පාසල් සීමාවේ නම් දඩ මුදල $457ක්.
මෙතරම් විශාල වාහන ප්‍රමානයක්ෙක දිගට නිරීක්ශනය කරන්නේ බලාධරීන් යැයි සිතුවොත් එය වැරදියි. ලොව වටා මේ වෙනුවෙන් යොදාගත් හැකි නවීනතම තාකශයන් ගැන අධ්‍යයනයකින් පසු, ක්ෘතිම බුද්ධිය (Artificial Intelligence) තාක්ශනය සමඟ සම්බන්ධ කෙරුනු මෙම mobile phone detection camera systemය නිර්මාණය කල බව රජයේ Transport for NSW වෙබ් අඩවියේ සඳහන් වෙනවා.
මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මෙහෙමයි.
For Full story, visit my blog link:
https://cyberwiparama.blogspot.com/2019/12/episode-51-artificial-intelligence.html

Nov 20, 2019
Nov 20, 2019
11 min
Broadcast on 3ZZZ radio on 17 Nov 2019
සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
4 min
Broadcast on 3ZZZ radio on 13 Oct 2019
මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට.
මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse the threat of Cyber Crime" කියලා.
ඇයි Together කියල කියෙන්නෙ? මෙච්චර දියුනු තාක්ශනයක් තියෙන ලෝකෙ ඇයි මේ සයිබර් හොරුන් තාක්ශනික උපක්‍රම යොදල අල්ලන්න බැරි? ඔබට එහෙම හිතෙනවා නම් ඒක සාධරණ ප්‍රශ්නයක්! නමුත් මේකට උත්තරේ නම් එච්චර ලස්සන එකක් නොවෙයි. මොන තාක්ශනේටත්වත් අපේ මෝඩකම් වහන්න බැහැ.. මේකta සයිබර් ආරක්ශන ක්ශේස්ත්‍රයේ ඉන්න අපි කියන්නෙ "Humans are the weakest link in the cyber security chain" කියලා..
ඇයි එහෙම වෙන්නෙ? උදාහරන කිහිපයක් අරන් පැහැදිලි කර ගමු.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
5 min
Broadcast on 3ZZZ radio on 29 Sep 2019
අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.
බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති ඔවුන්, ඔවුන් ඉදිරියේ මතු වෙන හැම දෙයක්ම ගන්නෙ ඇත්ත විදියට. ඉතින් ඔවුන්ගෙ පරිගණකයේ ලොකු ගැටලුවක් තියෙනවා, ඒක හදන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න හෝ මේ අංකයට ඇමතුමක් ගන්න කිව්වොත්, ඔවුන්ගෙන් අති බහුතරය ඊට අවනත වෙනවා. නමුත් ඔවුන් දන්නෙ නෑ මේ උදව්වට එන්නෙ සයිබර් හොරුන් කියලා.
ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?
අද අපි ඒ ගැන කතා කරමු.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
3 min
Broadcast on 3ZZZ radio on 1 Sep 2019
මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.
උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එන ලෙසින් ආ ටෙක්ස්ට් පනිවිඩයකයින් කියවුනේ 'Package detained in Terminal' හෝ ' We are having problems delivering your package' - මේ එක්කම වැඩි විස්තර සඳහා වෙබ් අඩවියක ලිපිනයත් ඒ එක්කම සටහන් කරලා තිබුනා. දැන් මේ වෙබ් අඩවියට ගියාම එය හරියටම ඔස්ට්‍රේලියා පෝස්ට් වෙබ් අඩවියක් වගේ පෙනුනත් එය ඇත්තටම ඔවුන් මේ වංචනික වැඩය වෙනුවෙන් හදපු වෙබ් අඩවියක්.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
6 min
Broadcast on 3ZZZ radio on 11 Aug 2019
මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද?
මේ වචනය හැදෙන්නෙ sex සහ extortion වචන එකතු වෙලා එනම් මෙය සරලව කිව්වොත් ලිංගික කප්පම් ගැනීමක්.
ඔස්ට්‍රේලියානු රජයේ eSafety Commissioner වෙබ් අඩවිය මෙය හඳුන්වන්නේ මෙලෙසයි.
Sextortion is a form of blackmail where a perpetrator threatens to reveal intimate images of you online unless you give in to their demands. These demands are typically for money, further intimate images, or sexual favours.
එනම් කෙනෙකුගේ ඉතා සංවේදී චායාරූප හෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා යන තර්ජනය හරහා එම පුද්ගලයාගෙන් මුදල්, තවත් එවැනි සංවේදී දර්ශන හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමේ හෝ ඒ සඳහා උත්සාහ දැරීම මෙයට ඇතුලත්.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
4 min
Broadcast on 3ZZZ radio on 28 Jul 2019
මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා...
මෙම FaceApp ඇප් එක මඟින් මුහුන වයසට යවනවට අමතරව, මුහුන තරුන කිරීම, රැවුල එක් කිරීම, කොන්ඩය වෙනස් කිරීම වැනි විවිධ වෙනස් කිරීම් ඉතා තාත්ත්විකව, තත්පර කිහිපයක් ඇතුලත සිදු කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් එම ඇප් එක තමන්ගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ ජාලා ගිනුම් සමඟ සම්බන්ධ කර ගත්තේ හැකි ඉක්මනින් තම මිතුරු කවයන් සමඟ මේ අපූරු වයසට යවන ලද චායාරූප ශෙයා කර ගන්නටයි.
නමුත් දවසක්, දෙකක් යන්නටත් කලින් බටහිර මාධ්‍ය මෙම රැල්ල සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙසින් උපදෙස් දුන්නා.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
6 min
Broadcast on 3ZZZ radio on 14 Jul 2019
කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙලුම් දෙකකින් යුක්ත වුනා. මින් නිර්මාන්ය කරන ලද රූපවල කාන්තාවන් කෙතරම් තාත්වික ලෙස ඔවුන් නග්න කලේද යන්න සහ කෙතරම් පහසුවෙන් සහ අඩු කාලයකින් එම ඇප් එක භාවිතා කරන්නෙකුට එය කල හැකි වුයේද ය්නාදිය ගැන ගැන මේ විෂයේ කෙළ පැමිණි විද්වතුන් පවා මවිතයට පත් වුනා.
මෙය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එල්ල වෙද්දී ඔවුන් එම ඇප් එක විකිනීම මේ වන විට නවතා තිබුනත් ඉදිරියේදී මෙය මීට වඩා දියුනු කර වෙනත් නමකින් නැවත මතුවීමත්, ඇප් එක හරහා නිර්මානය කරන ලද රූප සංසරනය වීම නැවත්වීමත් කල නොහැක්කක්.
මේ ව්‍යසනයේ පරිමාව තේරුම් ගන්නට මෙහි පිටුපස ඇති තාක්ශණික පසුබුම ගැන ඉතා කෙටියෙන් සහ සරලව තේරුම් ගැණීමත් අත්‍යවශ්‍යයයි.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/

Nov 20, 2019
Nov 20, 2019
4 min
Broadcast on 3ZZZ radio on 30 June 2019
මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන.
ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වාරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පාසලක් වන Mackinnon Secondary College හි පැවති වැඩටහනකදි. එදිනම ප්‍රාන්ත රජයේ නිල වෙන් අඩවියේ මාධ්‍ය නිවේදනයක් ලෙසද එය ප්‍රසිද්ධ කරන ලදී. එම නිවේදනය ආරම්භ වනේ මෙලෙසිනි.
Mobile phones will be banned for all students at Victorian state primary and secondary schools from Term 1 2020, to help reduce distraction, tackle cyber bullying and improve learning outcomes for students.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/


