Episodes

Wednesday Nov 20, 2019
Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!"
Wednesday Nov 20, 2019
Wednesday Nov 20, 2019
Broadcast on 3ZZZ radio on 29 Sep 2019
අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.
බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති ඔවුන්, ඔවුන් ඉදිරියේ මතු වෙන හැම දෙයක්ම ගන්නෙ ඇත්ත විදියට. ඉතින් ඔවුන්ගෙ පරිගණකයේ ලොකු ගැටලුවක් තියෙනවා, ඒක හදන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න හෝ මේ අංකයට ඇමතුමක් ගන්න කිව්වොත්, ඔවුන්ගෙන් අති බහුතරය ඊට අවනත වෙනවා. නමුත් ඔවුන් දන්නෙ නෑ මේ උදව්වට එන්නෙ සයිබර් හොරුන් කියලා.
ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?
අද අපි ඒ ගැන කතා කරමු.
For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
No comments yet. Be the first to say something!